🥵මේ ගිනි රස්නෙන් ගැළවෙන්න බිංගෝවෙ A/C එක සුපිරියටම සෙට් කර ගමුද❄️

Share
🥵මේ ගිනි රස්නෙන් ගැළවෙන්න බිංගෝවෙ A/C එක සුපිරියටම     සෙට් කර ගමුද❄️
වම් පැත්තෙ නොබ් එකෙන් තමා AC ඔන් කරන්නෙත් AC Cooling Level අඩු වැඩි කරන්නෙත්. මැද නොබ් එකෙන් තමා AC Air Type එක තෝරන්නෙත් Fan Speed එක අඩු වැඩි කරන්නෙත්. දකුණු පැත්තෙ නොබ් එක ගැන මොකුත් අහන්නෙපා. ඒ ගැන මෙලෝම දෙයක් දන්නේ නැහැ

බක් මාසේ ග්‍රීස්මෙ ඔන්න ආයේ ඇවිත්. නිවාඩු දවසෙ උදෙත් නාල, දවලුත් නාල, හවසත් නාල, මහ රෑත් නාල, මාරුවෙන් මාරුවට කූල් තැඹිලි යි කූල් වතුරයි බීල, ෆෑන් දාල ඒත් ඉවසන්න බැහැ විනාඩි පහක්. ඔෆිස් එකේනම් ඒසී තියෙනව එච්චර අවුලක් නැහැ.

ඔන්න එතකොට මතක් වුනා බිංගෝ වෙ ඒසී එක. ගෙදර ඉන්න වෙලාවේ වාහනේ ඇතුළට රිංග ගෙන ඉන්න නෙවේ හත්තික්කේ. රිංග ගත්තත් ඉතින් කොච්චර වෙලාවක් ඕක අස්සට වෙලා ඉන්න කියලද. අනිත් එක ඕක ඇතුලෙ ඒසී දාගෙන වකුටු වෙලා මුළු දවසෙම තැක් ගැහිල ඉන්න අපිට පිස්සුය.

නැහැ මට මතක් වුනේ මේකයි. බිංගෝ වේ ඒසී එක හරියටම අවශ්‍ය විදියට සෙට් කරගන්න මට ටික කාලයක් ගියා. මැනුවල් එකේ තිවුණු විස්තරත් මට ලොකුවට ප්‍රමාණවත් වුනේ නැහැ. ඉන්ටනෙට් එකෙත් කා ඒසී සෙට් කරන විදිය ගැන ගොඩක් දේවල් තිවුනත් බිංගෝවටම කියල හදපු මොකුත් මට හම්බුණේ නැහැ. ඉතින් හිතුනා පොඩ්ඩක් බිංගෝ වේ ඒසී හරියටම සෙට් කරන විදිය ගැන පොඩ්ඩක් කතා කරන්න.

2025 දෙසැම්බර් 15 මුලින්ම බිංගෝ ව ගෙදර අරං ආපු දවසේ මගෙ අත පය අයිස් වගේ ගල් වෙලා. ඒසී ඕෆ් කරගෙනත් ටික දුරක් ආව බැරිම තැන. නිතරම මට ඕන වුනේ ඒසී එක පුළුවන් තරම් අඩුවෙන්ම දාගන්නයි. ඉතින් Lo කියල තිවුණු තැනට තමයි ඒසී නොබ් එක කරකවල තියා ගත්තේ.

මං විකුණපු ඇල්ටෝ එකෙත් මං ඒසී දැම්මේ ගොඩක් අඩුවෙන්. හැබැයි හොඳට ගෑස් කරල, ලීක් චෙක් කරල තියා ගත්ත නිසා ඒසී ප්‍රමාණවත් වුනා. ඇල්ටෝවෙ නම් මේ ග්‍රීස්මෙ ගමන් යනව බොරු. වහලත් පාතයි නෙ. ඒක රත් වෙලා දොරවල් රත් වුනාම මොනාද නිකං පාන් පෝරණුවක් තමා.

බිංගෝ ව වෙනම කතන්දරයක්. කට්ට කරුකුට්ටන් ගිනි ගහන අව්වේ හීතලේ ගල් ගැහිල මැරෙන්න පුළුවන් මේ මඟුල හරියට තේරුම් නොගත්තොත්. බ්‍රවුන්ස් එකටයි වූලිං කම්පනියටයි හෙනද පොඩ්ඩක් මේවා පැහැදිළිව මේ ළමයින්ට කියල දීහල්ලකො. සෙද්ද.

12V බැටරිය ඩෙඩ් වෙලා වාහනේ දොර ඇරගන්න බැරිව ඉඳිද්දී මගේ උදව්වට ආව බ්‍රව්න්ස් එකේ මෙකැනික් තමා හැබැයි මොනව වුනත් මට අර ඒසී එකේ Lo කියන එක ස්ටේටස් එක හරියටම කියලා දුන්නෙ. බැලින්නම් Lo කියන්නේ අඩුම උෂ්ණත්වය කියන එකයි. High කියන්නේ අඩුවෙන්ම ඒසී එනව කියන එකයි. හයියෝ. හානවා. 😖

වූලිං එකේ ඩිසයිනර්ස්ලට මීට වඩා ලස්සනට මේක සෙටප් කරන්න තිබුන මට හිතෙන විදියට. වම් පැත්තෙන් air conditioning level එක පෙන්නන සයිඩ් එකට සෙල්සියස් වලින් මෙෂමන්ට් දැම්මනම් ඉවරයිනෙ. කෙහෙම්මල් High - Lo නොදා.

වම් පැත්තෙන් air conditioning cooling level එක Lo ඉඳන් පටන් අරං 2,3,4,5 වෙනකං විතරක් නෙවේ 5 වලට පස්සෙ High වෙනකම් අඩු කරන්න පුළුවන් (වැඩි නෙවෙයි).

දැක්කනෙ. ඔයාටත් පොඩි පැටලැවිලි ගතියක් පේනවා නේද ඒක මං කියපු විදියෙ.

අපි ඔෆිස් එකේ පාවිච්චි කරන ඒසී රිමෝට් එකෙත් ඔය අවුල එනවා ගොඩක් අයට පලවෙනි වතාවට ඒක පාවිච්චි කරන්න අතට ගත්තම. ඒසී වැඩිම සෙල්සියස් අංශක 19 දි. එතකොට හීතල වැඩියි. සෙල්සියස් අංශක 31 වගේ සෙට් කලාම හීතල අඩුයි.

බිංගෝ වෙත් ඕකම තමා. Lo නම් සීතල වැඩියි. High නම් සීතල අඩුයි. ඔච්චරයි.

Infotainment screen එකේ වම් පැත්තෙන් පේන air conditioning cooling level එක LO කියල තියෙන කොට සීතල උපරිමයි. ගල් ටික් වෙන්නම AC වදිනවා.
Infotainment screen එකේ වම් පැත්තෙන් පේන air conditioning cooling level එක High කියල තියෙන කොට තමයි සීතල අඩුවෙන්ම දැනෙන්නෙ
High වලට set කරලත් හීතල වැඩි නම් හොඳම දේ ඒසී ඕෆ් ම කරල දාන එකයි. මැද නොබ් එක කරකවල බලන්නකො. Fan එක අඩු වෙන පැත්තට උපරිම කරකවන්න. එක තැනකදි තව අඩු වෙන්න ඉඩක් නැහැ. ඕෆ් වෙලා යනව.

Infotainment එක යට තියෙන නොබ්ස් තුනෙන් වම් පැත්තේ එක තමයි ඒසී ලෙවල් එක අඩු වැඩි කරන්න පාවිච්චි කරන්නෙ. ඒක ප්‍රෙස් කලාම ඒසී ඔන් වෙනව. බල්බ් එකකුත් පත්තු වෙනව නොබ් එක මැද්දෙ. ප්‍රෙස් නොකොළොත් බල්බ් එක පත්තු වෙන්නෙත් නැහැ. ඒසී ත් නැහැ. හුළං විතරයි.

මැද නොබ් එක තියෙන්නෙ ඒසී ෆෑන් එක කරකැවෙන වේගේ අඩු වැඩි කරන්නයි. ඒක 1 ඉඳන් 10 වෙනකං වගේ වැඩි කරන්න පුළුවන්. උපරිමයට වැඩි කරල පෙන්නුවයින් පස්සෙත් තව වැඩි කරන්න පුළුවන් වගේ තමයි දැනුනේ. ආයෙත් පොඩි බයක් වගේ එකක් හිතට දැනුනු නිසා හනික ෆෑන් එක අඩු කළා මං.

Fan speed level පෙන්නනේ infotainment screen එකේ දකුණු පැත්තෙන්

වාහනේ ඇතුළේ සුළි කුණාටුවක් ඕනේ නැහැනේ. පොඩ්ඩක් දාඩිය වේලගන්නයි ඕනේ.

වම් පැත්තෙ නොබ් එක තියෙන්නෙ AC cooling level එක අඩු වැඩි කරන්නයි. මැද නොබ් එක තියෙන්නෙ AC fan speed එක අඩු වැඩි කරන්නයි.

වම් පැත්තෙ නොබ් එක ප්‍රෙස් කරලා ඒසී ඔන් ඕෆ් කරනවා වගේම, මැද නොබ් එක ප්‍රෙස් කරල ඒසී එයාර් ටයිප් එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නෙ දැන් ඔය ඒසී කියල එන හුළඟ මොන විදියේ හුළඟක් වෙන්න ඕනද කියල ඔයාට තෝරන්න පුළුවන්. එහෙමයි කියල හුළං ජාති ගොඩක් නැහැ ඉතිං තෝරන්න. දෙජාතියයි තියෙන්නෙ.

එකක් තමයි පිටත පරිසරයෙන් වාහනේ ඇතුළට ඇදල ගන්න අළුත් හුළඟ. අනික තමයි වාහනේ දැනටමත් තියන හුළඟ. ඒකම දිගටම වාහනේ ඇතුලෙ කරකැවෙන්න සලස්වන පුළුවන් එළියෙන් හුළං ඇතුළට ගන්නේ නැතිව.

දෙකේම වාසි අවාසි තියෙනව. දෙකම වෙන වෙනම එක එක වෙලාවට ඕනේ වෙනව. ඉන්නකො මං ඔයාට පැහැදිළි කරල දෙන්න වැඩේ.

පිටත පරිසරයෙන් වාහනේ ඇතුළට හුළං ඇදල ගන්න කොට මේ icon එක පෙනෙයි ඔයාට (infotainment screen - top right)

මැද නොබ් එක ප්‍රෙස් නොකර ඉන්නකම්, ඒ නොබ් එක මැද බල්බ් එක පත්තු නොවෙන තාක් කල්, බිංගෝ ව ඇතුළට එළියේ වාතය දිගටම එනව. වාහනේ ඉස්සරහට යන වෙලාවක නම් ඒකට වැඩිය කරන්ට් එකක් ඕනේ වෙන්නෙ නැතුව ඇති. ලොකු වැඩක් නෙවෙයි නෙ. වාහනේ ඉස්සරහට යනව. හුළං ඇතුළට එනව.

මැද නොබ් එක ප්‍රෙස් කරල නැහැ. දිගටම එළියේ හුළං ඇතුලට එනව.

හැබැයි බිංගෝ ව කොහේ හරි නවත්තල තියන වෙලාවක හුළං ඇතුළට ඇදල ගන්න කරන්ට් එකක් යනවද කියන්න දන්නේ නැහැ.

මේකේ ලොකුම වාසිය අළුත් නැවුම් වාතය සහ විදුලිය පිරිමැස්ම. උදේට හවසට ගම් පළාතක ඩ්‍රයිව් කරනකොට මැද නොබ් එක ප්‍රෙස් කරන්න ඒකෙ මැද ලයිට් එක ඕෆ් වෙන විදියට. එක සැරයක් හරි. දෙසැරයක් හරි. එළියේ පිරිසිදු හුළඟ හොඳට විඳින්න පුළුවන් සුපිරිම ඔප්ෂන් එකක් තමයි ඉතිං.

අවාසිය තමයි ට්‍රැෆික් වැඩි නගරබද පාරක මේක දාගත්තොත් නම් වටේම තියෙන වාහන දුමයි දූවිල්ලයි ඔක්කොම එක මොහොතින් වාහනේ ඇතුලෙ. කුණු කන්දක් කුණු ට්‍රැක්ටරයක් ලඟින් ගියොත් ඉතිං බිංගෝ ව ඇතුලේ ඉඳල හමාරයි.

එළියේ පරිසරයේ තත්වය අවුල් වගේ කියල ඔයාට දැනෙනවානම් මැද නොබ් එක ප්‍රෙස් කරන්න ඒකෙ මැද ලයිට් එක ඔන් වෙන විදියට. එක සැරයක් හරි. දෙසැරයක් හරි.

දැන් මැද නොබ් එක ප්‍රෙස් කරල තියෙන්නෙ. එළියේ හුළං ඇතුලට එන්නේ නැහැ. ඇතුලේ තියෙන හුළඟ ම වාහනේ ඇතුලෙ කැරකෙනව.

මෙන්න මේ icon එක පේනවද බලන්න infotainment screen එකේ ඉහළ දකුණු කෙළවරේ.

පිටත පරිසරයෙන් හුළං බිංගෝ ව ඇතුළට ඇදල ගන්නේ නැතිව දැනටමත් වාහනේ ඇතුලෙ තියන හුළඟ ම වාහනේ ඇතුලෙ කරකැවෙන්න සෙට් කරල තියෙනවා කියන එකයි මේ icon එකේ තේරුම.

මේකේ ලොකුම වාසිය තමයි එළියේ තියෙන අපිරිසිදු වාතය බිංගෝ වෙ ඇතුලට එන එක වළක්වා ගැනීම. මේකට නම් කරන්ට් එකක් යනව අනිවා. බැටරි බහිනව මේකට. ලොකුවට නෙමේ. නමුත් අඩු වෙනව පේනව ටිකක්.

💡
ඕව ලොකුවට ඔලුවෙ තියාගෙන ඔයා ඩ්‍රයිව් කරන්න යන්න එපා. මොකක් හරි ගඳක් වගේ ආවොත් වීදුරු පාත් කරල ටිකක් වෙලා ඉඳල ආයේ වහගන්න. ඊට පස්සෙ හරි.

ඔන්න දැන් බිංගෝවේ ඒසී එක හොඳට විඳින්න පුළුවන් විස්තර ටිකක් ඔයාට ලැබිල තියෙන්නෙ. කෙටියෙන් කිව්වොත්:

  1. AC Cooling Level (Low Temperature to High Temperature)
  2. AC Air Type (Outside Air or Inside Air)
  3. AC Fan Speed (Low to High)

විදිහට ගුණාංග තුනකින් ඔයාට ලැබෙන ඒසී එක වෙනස් කරගන්න පුළුවන්.

දකුණු පැත්තේ තුන්වෙනි නොබ් එක ගැන මොකුත් අහන්න එපා. දවසක් වීදුරුව ඇතුළෙන් මීදුමක් වගේ බැඳුනු වෙලේ ඒ තුන්වෙනි නොබ් එක ඔබල විනාඩියකින් වගේ ඒ මීදුම නැත්තටම නැති වෙලා ගියා මතකයි. ඊට එහා දෙයක් නම් අහන්න එපා. කියන්න දන්නේ නැහැ .

AC Cooling Level සහ AC Fan Speed ඔයාට ඒ ඒ අවස්ථාවට ගැළපෙන විදියට සෙට් කරගන්න මං පොඩි උදාහරණ කිහිපයක් දාන්න හිතුවා මෙතෙන්ට.

ඒසී උපරිම. ෆෑන් අඩුවෙන්ම.
ඒසී අඩුවෙන්. ෆෑන් පොඩ්ඩක් වැඩියෙන්.

මං මේවා ඇත්ත ජීවිතේ test කරල බලපුවා. ඔයාට හරි යයිද දන්නේ නැහැ. හොඳ නම් කියන්නකො මට.

මේ ගෙවෙන අප්‍රේල් මාසේ රස්නෙට ඔරොත්තු දෙන්න මෙන්න මේ ගානට වත් AC Cooling Level (2) සහ AC Fan Speed (4) සෙට් කර ගන්න ඕනේ වේවි. මේකත් මදි නම් AC Cooling Level එක Lo වලට ගෙනත් AC Fan Speed තව වැඩි කරල බලන්නකො (5,6,7...).

AC Cooling Level (2, Lo) සහ AC Fan Speed (4,5,6...) - උණුසුම් අප්‍රේල් මාසේ දවල් කාලෙට හොඳයි

ඉර බැස්සට පස්සෙත් පොළොව රස්නෙයි. ඒකත් දැනෙනව බිංගෝවේ ඇතුලෙ හිටියට. වාහනේ යටින් නෙවෙයි වෙන්න ඇති. වට පිටාව රස්නෙයි නෙ. මේ දවස්වල දවල් රස්නෙ තව දිගටම රැඳෙන හවස් කාලෙට AC Cooling Level (3) සහ AC Fan Speed (3) ඇති වෙයි කියලයි මට හිතෙන්නෙ.

AC Cooling Level (3) සහ AC Fan Speed (3) - උණුසුම් අප්‍රේල් මාසේ හවස් කාලෙට හොඳයි

අප්‍රේල් මාසේ උදේට පොඩි සිසිලසක් තියෙනව. රෑ 10 පහු වුනයින් පස්සෙත් රස්නෙ ගොඩක් අඩුයි. උදේටයි රෑටයි මං use කරපු combination එක තමයි AC Cooling Level (5) සහ AC Fan Speed (2).

වෙනස් අදහස් තියෙනවනම් comment එකක් දාගෙන යමු. Cool එකේ chill එකේ ඉන්න පුළුවන් නෙ අපි හැමෝටම.

ඒ අතරෙ නිකමට හිතුන ඉන්ටනෙට් එකේ තියෙන free AI image generator websites use කරල මේ තියෙනවට වඩා හොඳ AC control display window එකක් වූලිං කම්පනියට හදල පෙන්නන්න. මටත් ඉතිං පිස්සුනෙ. උන් ට ඕන නම් උං හදා ගනී. අපි මොකටද ඕවට කාලෙ නාස්ති කරන්නෙ.

මේ — එහෙම නෙමේ. ඔයා ඉතිං මට වඩා හොඳ ආටිස්ට් කෙනෙක් වෙන්න ඇති නෙ. ලොකු ඉංජිනේරු මහත්තයෙක් වෙන්නත් පුළුවන් නෙ. ලස්සන AC control display window එකක් හදල යවමුකෝ අනේ. මොකද්ද ඕයි 🥰

AI image generator websites පහක හයක විතර try කරලා description එක දහ සැරයක් විතර edit කරල ගොඩ ගිය image එකක් මේ.

websites ගොඩක් නම් සල්ලි ඉල්ලුව. Google Gemini නම් එහෙම නැහැ. දෙවැනියට request කරපු image එක හොඳටම කරල දුන්න සතයක්වත් ගන්නෙ නැතිව.

ඔයාට මීටත් වඩා ලස්සනට මේක ඩිසයින් කරන්න පුළුවන් කියල හිතෙනවනම් මං develop කරපු description එක ඉල්ලල මට email එකක් එවන්නකො. සුටුස් ගාල රිප්ලයි කරන්නම්. වෙලාව පාන්දර 1 යි. දැන් ඇති මහන්සි. නිදා ගන්නත් ඕනේ නේ. ඔයාටත් සුබ නින්දක් ප්‍රර්ථනා කළා ඔන්න. අපි ගියා.

Read more

මේක තමා මැනුවල් කී එක. 12V බැටරි එක බැස්සොත් මේක අනිවා ඕනේ වෙනවා. ඩුප්ලිකේට් තව යතුරු දෙකක් කපාගෙන ඔෆිස් එකේ එකක් තියන්න. ළඟ එකක් තියාගන්න. ඔරිජිනල් ගෙදර තිබුනාවේ.

ජනවාරි 25 ඉඳන් පෙබරවාරි 7 වෙනකං දවස් දොළහක් බිංගෝව දිහා බැලුවේවත් නැහැ.ප්‍රතිඵල ලැබුණා. සනීපයි.

ජනවාරි 24 මගේ උපන්දිනේට කලින් දවස. වයිෆ්ට ඕනේ වුනේ ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් කුඹුක ළමා නිවාසෙට කෑම වේලක් දෙන්න. දින වෙන්

By Chinthaka Nanayakkara
බිංගෝ ව මුලින්ම චාර්ජ් කරද්දි වෙච්ච ඇබැද්දි

බිංගෝ ව මුලින්ම චාර්ජ් කරද්දි වෙච්ච ඇබැද්දි

ටෙම්පරි නම්බර් ප්ලේට් ගහල, ස්ටිකර් ගාඩ් දාල ඉවරයි. මගේ දැන් සූදානම හොඳ නැකතකට පන්සල් ගිහින් වතාවත් කරල භාරහාර වෙලා ගමේ ගිහින් මගේ අම්මවයි තාත්තවයි

By Chinthaka Nanayakkara
බිංගෝ කා එකේ පරිස්සමට ප්ලාස්ටික් ස්ටිකර් කවර ඇලෙව්වා

බිංගෝ කා එකේ පරිස්සමට ප්ලාස්ටික් ස්ටිකර් කවර ඇලෙව්වා

බිංගෝ එකේ වෙහිකල් නම්බර් එක කා එකේ එල්ලගන්න කියල මට බ්‍රවුන්ස් එකෙන් ඒ-ෆෝ කොළ දෙකක් ප්‍රින්ට් කරලා දීලා තිවුණත් මට ඕනේ වුනේ හොඳ ප්‍රොෆෙෂනල් විදි

By Chinthaka Nanayakkara