ලංකාවේ ඕනෑම තැනක ඕනෑම EV Charging Point එකක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් EvFy App එක ගැන දැන ගනිමු
අගෝස්තු 15. අදට මං බිංගෝ ව ගෙදර ගෙනත් මාස අටයි. කි.මී. 2,500 ට මුල් සර්විස් එකයි, කි.මී. 5,000 ට දෙවැනි සර්විස් එකයි, කරලා ඉවරයි. මේ දැන් mileage එක කි.මී. 5,928 යි.
සර්විස්වලට ලොකුවට වියදමක් නම් වුනේ නැහැ. ගණන් මිණුම් නම් ඒ හැටි මතකයක් නැහැ. බිල් වගයක් තිවුණා. දවසක් දෙකක් දෙන්නකො. මං මෙතෙන්ට අමුණල තියන්නම්.
Wuling Binguo SL - Verified Users අපේ බිංගෝ ගෘප් එකේ දැන් members ල ප්‍රමාණය සීයකට කිට්ටුයි. ගොඩක් වටින විස්තර share වෙනව. ඕනේ දෙයක් අහල දැනගන්න පුළුවන්. කවුරුහරි උත්තර දෙනව බිංගෝ ව ගැන මොනව ඇහුවත්.
මේ group එකේදී තමයි මට මුලින්ම EvFy App එකේ Admin ව මුණ ගැහෙන්නෙ.
බිංගෝ ව ගත්ත මුල් දවස්වල මට ලොකු භයක් තිවුනා long distance travel කරන්න. මඟදී charge බැස්සොත් ඉතිං ගෙදර එන්න වෙන්නෙ car එක කරේ තියාගෙන නෙ. විශ්වාස කරන්න car carrier services වල phone numbers එකතු කරනවා මං ඒ දවස්වල.
නමුත් EvFy app එකට sign-up වුනු දවසේ පොඩ්ඩක් හිතට හයියක් ආව. බලාගෙන ගියාම අපේ රටේ අපි නොදන්න ගොඩක් ඈත පළාත් වලත්, සෑහෙන charging points තියෙනව නේද කියල මට තේරුණේ EvFy App එකේ ඇතුලට ගිහිං බැලුවමයි.
මුලදි මුලදි ඇත්තටම මං charging apps download කර ගෙන sign-up වුනේ බිංගෝ ව charge කරන්න ගියාම payments කරන්න තිවුණු උවමනාවට. charging points විස්තර හොයාගත්තේ ගොඩක් Google එකෙන්. App වලින් ඒව ගැන විස්තර හොයලම නැහැ මං.
කොළඹ ඉඳන් අම්බලංගොඩ දොළොස්මහේ පහු කරන් ගිහින් වමට හැරිලා බොහොම නිස්කලංක පරිසරේක පිහිටල තිවුණු අම්බලංගොඩ Leco එකෙන් fast charge කරපු දවසේ Leco charging app එක phone එකට මුලින්ම දා ගත්තා මතකයි.
එතැන charge කරන්න එන EV වාහන වලට උදව් කරන්න සේවකයෙකුත් ඉන්නවා. අහිංසකයි. තණකොළ කන්න ආපු හරකෙක් ටත් බොහොම ආදරෙන් ඔළුව අතගාලා පිටත් කළා මතකයි. තාම තියෙනවා Leco charging app එක මගේ phone එකේ.
භය හිතෙන්නේ Leco app එකේ charging points map එක බැලුවමයි. මුළු ලංකාවටම charging points තුනයි. අම්බලන්ගොඩ එකයි. නුගේගොඩ මිරිහාන පැත්තේ එකයි. වැලිසර පැත්තේ එකයි.
මරු.
හීන් දාඩිය දාල මට එදා මුළු රෑම.

බොරලැස්ගමුව හංදියේ පිළියන්දල පැත්තට යනකොට ලොකු charging station එකකින් මං දවසක් බිංගෝ ව charge කළා. බොරලැස්ගමුව ඉඳන් දෙහිවල පැත්තට යනකොටත් පොඩි charging point එකක් තියෙනවා. ඒකට නම් යන්න වුනේ නැහැ.
ඒවා Leco නෙවෙයි. එක එක පුද්ගලික සමාගම්.
බොරලැස්ගමුව ලොකු charging station එකේ charge කරන්න counter service දෙන්න staff එකක් වෙනම ඉන්නවා. Guest ලට තියෙන්නේ visitor area එකේ sit එකක් දාගෙන phone එකේ වැඩක් කරගෙන ඉන්න. ප්‍රශ්නේ ඉතිං අපි ට්‍රිප් එකක් යනකොට charging station වගේ ඒවා බෑග් එකක වගේ 🤣දාගෙන යන්න බැහැනේ. ඒවා රටේ හැමතැනම නැහැ.
මහරගම Keells එකෙන් බිංගෝ ව charge කරපු දවසේ පොඩ්ඩක් හිතට සැනසිල්ලක් ආවා. Payment කරන්න download කරපු app එකේ නම Volt Charge.
Volt Charge map එකේ සෑහෙන්න charging points තිවුනා. හැබැයි ඉතිං ගොඩක් ඒවා නගර ආශ්‍රිතව තමයි. ගම් පළාත් වලට තාම ලොකුවට charging points පැතිරිලා නැහැ.
පෙට්‍රල් වාහන වලට ඉතිං මේ ගැටළුව නැහැ. ඕනේ පොඩි ගමක පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙනවමනේ.
EvFy App එක ගැන Wuling Binguo SL - Verified Users කියන අපේ බිංගෝ ගෘප් එකෙන් මං දැනගන්නේ මේ අතරේදී.
EvFy App එකේ මට හිතට අල්ලපු හොඳම දේ තමා ලංකාවේ විවිධ ආයතනවලින් පවත්ගෙන යන සෑම charging station එකකම / charging point එකකම විස්තර එකම එක Map එකකින් හොයා ගන්න තියෙන හැකියාව. Keells වුණත්, Leco වුණත්, වෙන මොකක් හරි එකක් වුණත් අදාළ නැහැ. ඔක්කොම එකෙන් බලාගන්න පුළුවන්.

ඉන්නකො මං App ඇතුළට ගිහිං පෙන්නන්න ඔයාට ලංකාවේ charging points පැතිරිලා තියෙන විදිහ.

මේකේ තියෙනවා EV charging demand heat map එකක්. ඒ කියන්නේ මේ අපි කථා කරන වෙලේ ලංකාවේ EV charge කරන්න තියෙන තරඟය කොයි පළාතේ ද වැඩිම කියල බලන්න පුළුවන්.

EvFy වලට sign-up වුනු දවසේ මං උඩ පැනගෙන මුලින්ම බැලුවේ ඇල්පිටිය පැත්තේ charging point එකක් තියෙනවද කියල. එහෙ ඉතිං වයිෆ් ගේ මහ ගෙවල්. මාසෙකට හරි මාස දෙකකට සැරයක් වගේ යැවෙනව.
ළඟ පාත charging points මොකුත් locate වුණේ නැහැ. හැබැයි option එකක් තිවුනා "Demand a Charging Station" කියල.

මං ඒක ඇතුළට ගියා. මෙහෙම ආවා විස්තර ටිකක් අහල.

මගේ කියල නම් property එකක් එවෙලේ තිවුණේ නැහැ. නමුත් මං pin එක drop කළා කුරුඳුගහහැතැම්ම interchange එක ගාව අම්බලන්ගොඩ පැත්තට වෙන්න. ඒ පැත්තට වෙන්න පාර හොඳයි.
ගාල්ල මාතර යන කෙනෙක්ට කුරුඳුගහ interchange එකෙන් පොඩ්ඩකට එළියට ඇවිත් පහසුවෙන් EV charge කර ගෙන ආයේ Expressway දාලා යන්න පුළුවන්.
ගාල්ල මාතර ඉඳන් Expressway කොළඹ යන කෙනෙක්ටත් වටිනවා.
බීච් එක පැත්තෙන් පරණ ගාලු පාර දිගේ යන guest කෙනෙක්ට වුනත් easily එන්න පුළුවන්.
ඇල්පිටිය පිටිගල පැත්තේ ඉඳන් කොළඹ හරි ගාලු හරි යන කෙනෙක්ටත් ප්‍රයෝජනවත්. කුරුඳුගහ හොඳ location එකක් වගේ කියල හිතුනා එවෙලේ.
සතියක් යන්න කලින් ඒ හරියේ charging point එකක් available වුනා. Photos එහෙම දාල තිවුනා EvFy app එකට. ලොකු ප්‍රියමනාප පෙනුමක් තිබුනේ නම් නැහැ. හදිස්සියට අටවල වගේ. නමුත් අද වෙනකොට එතන බොහොම දියුණුයි. බලන්නකො කොහොමද කියල.

More ... බැලුවම තව විස්තර තියෙනවා. Photos වෙනම බලන්න පුළුවන්.

බලමුද කුරුඳුගහ Interchange ගාව charging point එකේ Photos. එතැන දැන් හරි පෙනුමයි.

මේ charging points ඉස්සරහට ධන උල්පත්. මේවා වටේට තමා අළුත් අළුත් බිස්නස් නිර්මාණය වෙන්නේ. දවස පුරා EV charging නේ. ඒවයේ travel කරන අය අනිවා වාහනේ charge වෙනකන් ඕක ඇතුළට වෙලා ඉන්නේ නැහැ. වටේ පිටේ පොඩ්ඩක් ඇවිදලා බලනව. කනවා. බොනවා. ෆොටෝ ගන්නවා. ජිවිතේ විඳිනවා. පේනවද EvFy app එක ඒ ගැනත් හිතල තියෙනවා.

රුපියල් 20,000 - 50,000 ක් වගේ පොඩි ගාණක් වියදම් කළත් කමක් නැහැ. මොළේ පාවිච්චි කරලා අළුත් බිස්නස් එකක් පටන් ගන්න ඔයත්. EV charging point එකක් අවට ඔයාට කවදාවත් වරදින්න ඉඩක් නැහැ. කොහොම හරි ආයෝජනය කරපු මුදල දෙගුණයක් කර ගන්න. අවුරුදු තුනක් හතරක් මහන්සි වුනා නම් ඒ හොඳට ම ඇති වෙයි.
EvFy app එකේ මං දැකපු තව වටිනාම දෙයක් තියෙනව. ඒ තමයි users ලට disturb නොවෙන්න EvFy admin වෙනම page එකක් හදල තියෙනවා offers / ads ගැන දැනුවත් වෙන්න. Offers / ads බලන්න ඕනේ නම් විතරයි users ල එතෙන්ට යන්න ඕනේ.
අවශ්‍ය නැත්නම් තමන්ට ඕනේ විස්තර ටික විතරක් බලා ගත්තා. එළියට ආවා. හරි පිළිවෙලයි. එහෙන් මෙහෙන් ads මතු වෙන කොට කාට වුනත් එපා වෙනවනේ.
මේ ghost blog එකත් මං සල්ලි වලටම ගත්තේ users ලට ads වලින් disturb නොවෙන්න. මේක නිකං novel style එකට නේ මං ලියන්නේ. ආසාවෙන් කියවන අතරදී ghost system එකෙන් ඔයාට ad පෙන්නල disturb කළාම ඉතිං මං ගාව ඔයා රැඳෙන එකක් නැති වෙයි.
EvFy app එකේ admin දැන් මේ blog post එක කියවල මට මොනා කියාවිද දන්නේ නැහැ. විනාඩියක් දෙනවද ඔයා මට මං මේක පොඩ්ඩකට එයාට පෙන්නලා එනකම්. අඩුපාඩු තිවුනොත් හදන්න ඕනේ නේ. 💜
මාත් එක්කම ඉන්න. කොහෙවත් යන්න එපා.