අනේ මගේ බිංගෝවේ වයර් මීයෝ කෑවා දෙයියනේ 😭

Share
අනේ මගේ බිංගෝවේ වයර් මීයෝ කෑවා දෙයියනේ 😭
වයර් කපපු එකාමද දන්නේ නැහැ. හැබැයි මේ මං අල්ලගත්ත දෙවැනි මීයා

හැම මාසෙම 15 වෙනිදා කියන්නෙ මං බිංගෝ ව අරං තවත් එක් මාසයක් සම්පූර්ණ වුණා කියන එක තමා. 2025 දෙසැම්බර් 15 මං බිංගෝ ව ගෙදර ගෙනා දවසේ ඉඳන් ඒ කා එක ගැන ඔයාට මොනව හරි අළුත් දෙයක් කියන්න මං නිතරම හිටියෙ හරිම ආසාවෙන්.

දෙසැම්බර් මාසේ එක පෙළට බ්ලොග් පෝස්ට් තුනයි. නමුත් ජනවාරි වල එකම එකයි. පෙබරවාරි මොකුත්ම නැහැ. මාර්තු යාන්තම් එකයි. තව එකක් මාර්තු ඉවර වෙන්න කලින් රිලීස් කරගත්තොත් මට ඒ ඇති. ඔෆිස් එකේ වැඩනේ ඉතිං. සමාව දෙනව නේද.


වාහනේ ඩ්‍රයිව් කරන අතරේ, මම පුරුද්දක් විදිහට එක සැරයක් හරි වින්ඩ්ස්ක්‍රින් එකට වතුර විදින පම්ප් එක පාවිච්චි කරනවා. 2014 අවුරුද්දේ ඇල්ටෝ එක සල්ලි වලට ගන්න වෙලේ ඒකෙ වතුර විදින නොස්ල් එක බ්ලොක් වෙලා තිවුනා මතකයි.

අයකට්ටක් අරන්, බොනට් එක උඩ දිග ඇදිලා, හිමින් සීරුවේ නොස්ල් එක ඇතුලට අයකට්ට රිංගවල, ප්‍රවේශමෙන් ඒක සුද්ධ කර කර, නොස්ල් එකේ දිශාව වෙනස් වෙන විදිහට ඒක අයකට්ටෙන් එහෙට මෙහෙට නව නව, පැයක් විතර අල්ටෝව ළඟ මං දැවටි දැවටි හිටිය මං හිතන්නෙ.

මට නිතරම හොඳ ෆිනිෂ් එකක් ඕනෙ කෙනෙක්. ඉතිං පොඩි වැඩකටත් මං මාර නැහිල්ලක් නැහෙන්නෙ.

2026 මාර්තු දෙවන සතියෙ බිංගෝ වෙ වින්ඩ්ස්ක්‍රින් එකට වතුර විදින පම්ප් එක වැඩ කරන්නෙ නැතිව ගිය වෙලේ මං මුලිං හිතුවෙ ඉස්සරහ පොඩි ප්ලාස්ටික් වතුර ටැංකියෙ වතුර ඉවරවෙලා කියල. නමුත් ඊට පස්සේ ගෙදර ඇවිත් රෑ කළුවරේම වතුර පුරවල හිතේ සතුටෙන් නිදාගෙන පස්සෙන්දා වැඩට යනකොටත් වෝටර් ජෙට්ස් වැඩ කරන්නේ නැති වුනාම මං පොඩ්ඩක් හිතන්න ගත්ත.

බ්‍රවුන්ස් එකේ මෙකැනික් කෙනෙක් මට ෆෝන් එකෙන් කිව්වෙ සමහරවිට පම්ප් එකේ එයාර් බ්ලොක් එකක් ඇති කියල. නමුත් ඉංජිනේරු මහත්තය නම් එච්චර සරලව ගත්තෙ නැහැ වැඩේ.

"අද එකොළහට විතර වාහනේ පොඩ්ඩක් අරං එන්නකෝ මිස්ට අපේ හයිබ්‍රිඩ් කෙයා සෙන්ටර් එකට. අපි ඉන්නෙ කිංසි පාරේ"

Google Maps
Find local businesses, view maps and get driving directions in Google Maps.

2026 මාර්තු 13 මං ඔෆිස් එකේ වෙන වැඩකුත් ගොඩ දාගෙන ස්ලෙව් අයිලන්ඩ් ඉඳන් නුගේගොඩ එන අතරෙ, ටවුන්හෝල් වට රවුමෙන් බොරැල්ල පැත්තට හරවල ගියා කිංසි පාරට. දහස් වතාවක් ගිහිං තියෙනව ඔය පාරෙන් මං හෙඩ් ඔෆිස් වැඩ කරන කොට.

"පේනවද මිස්ට මේ එන්ජින් රූම් එකේ හැමතැනම මීයෝ දුවලනෙ. උන්ගේ අඩි වල තිවුණු මඩ තමයි ඔය ඩොට් ඩොට් වගේ හැමතැනම තැවරිලා තියෙන්නෙ"

බොනට් එක ඇරපු ගමං ඉංජිනේරු මහත්තය මට විස්තරේ කියන්න ගත්තෙ පේන කියන්න වගේ.

"මේ තියෙන්නේ ලස්සනට වැඩේ කරල. පේනවද. වෝටර් පම්ප් එකට යන වයර් එක කපල නෙවෙයි. කපල අරගෙන ගිහිං. ඒක එක පැත්තකින් හරි එල්ලි එල්ලි තියෙන්න ඕනේ. ඒකෙ කෑල්ලක්වත් ඉතුරු කරල නැහැ. කපාගෙන ඇදගෙනම ගිහිං"

කටත් ඇරගෙන දැන් මං අහං ඉන්නවා විස්තරේ.

යකෝ මූව කෑවත් හිත් වදීද.

නැහැ මං කිව්වෙ ඉංජිනේරු මහත්තයව නෙවේ — අයියෝ. මීයව. මීයව.

අළුත්ම බ්‍රෑන්ඩ් නිව් වාහනේ. මීයෝ වයර් කපල. මට වාවන්නෙ නැහැ ඒ වෙලේ. මුළු ලෝකෙම ඉන්න මීයෝ හොය හොයා වහ දෙන්න තරම් කේන්තියක් ආවා හිතට.

මෙතන තිවුණු වයර් එක සම්පූර්ණයෙන් ම මීයෝ කපා ගෙන ඇදගෙන ගිහින්

වෙච්චි දේ අදහගන්නත් බැහැ එක අතකින් බලද්දි. ජනවාරි - පෙබරවාරි මාස වල තමා 12V බැටරිය බැහැල වාහනේ ඔන් වෙන්නේ නැතිව මං බ්‍රවුන්ස් එකේ මෙකැනික් එක්කන් ඇවිත් ජම්ප් ස්ටාට් දාල වාහනේ හදා ගත්තෙ. එයා ඉතාම පැහැදිළිව මට කිව්වා හැමදාම බිංගෝ ව පදින්න ඕනේ. නැත්නම් 12V බැටරිය, ලොකු ලිතියම් බැටරියෙන් චාජ් වෙන්නේ නැහැ කියල.

මං ඒ උපදේශය අකුරටම පිළිපැද්දා. එදා ඉඳන් හැමදාම වැඩට ගියේ බිංගෝ වෙන්. ස්කුටිය විකුණන්න තීරණය කළෙත් ඒ නිසාමයි. කාමරේ මුල්ලක ඔළුවෙන් හිටවල තියෙන පුට් සයිකල් දෙක සුද්ධ කරල ලෑස්ති පිට තියා ගන්න ඕනේ කියල හිතුවෙත් ඒ නිසා.

එහෙම බැලුවහම මං බිංගෝ ව රෑට ඇවිත් පාක් කරන්නෙ නවයට දහයට වගේ. උදේ හයට ගන්නවා ආයේ එළියට. මීයට වයර් කපන්න ඕනේ තරම් වෙලා තියෙනව තමයි. නමුත් හැමදාම එළියට ගන්න වාහනයක් ඇතුළට මීයෙක් පුරුදු වෙනවා කියන එක අළුත් නිව්ස් එකක්. ඒ විදියට මගේ ඇල්ටෝ එක කොහොම කන්න ඕනෙද. සති ගණන් එක තැන.

"නැහැ මිස්ට. ඒක නෙවෙයි හේතුව. මේ බ්‍රෑන්ඩ් නිව් වාහන වල අළුත් නැවුම් සුවඳට සත්තු කැමතියි. කෑම බීම පැත්තකින් තියමු. ගෙදර සබන් කෑල්ලවත් මීයොන්ගෙන් බේරගන්න බැහැ නේද. ඒ වගේ තමයි"

හයිබ්‍රිඩ් කෙයා සෙන්ටර් එකේ ඉංජිනේරු මහත්තය බොහොම සරලව විස්තර කරනවා. මට ඇඩෙන්න ඔන්න මෙන්න. ගෙදරදී චාජිං ගන් එක හිරවුණු වෙලෙත් එහෙමයි. 12V බැටරිය ඩෙඩ් වෙලා වාහනේ ඔන් වෙන්න ගිය වෙලෙත් එහෙමයි. කොහොම කොහොම හරි ඒ ප්‍රශ්න නම් ගොඩ දාගත්තා. දැන් මේ අළුත්ම එක. මීයෝ.

මගේ මූන ඇද වෙලා තිවුණු විදිහ දැක්කම තව මහත්තුරු දෙන්නෙක් තුන් දෙනෙක් වටවුනා. "පිස්සුද මිස්ට ඕවා ඔහොම තමා. ගණන් ගන්න එපා තඹ සතේකට. මගේ බිංගෝ එකේ වයර් කපල තිබ්බ විදිහ දැක්ක නම් ඔයාට හාට් ඇටෑක් එනවා. ඕකට තියෙනවා ස්ප්‍රේ එකක්. ඒක ගහල තිබ්බම මීයෝ එන්නේ නැහැ පැත්ත පළාතේ. ඉන්න මං වට්සැප් කරන්නම් ඔයාට විස්තරේ"

තිවුණු වැඩත් එක්ක මට ඔක්කොම අමතක වෙලා ගියත් ඒ මහත්තයගේ වට්සැප් මැසේජ් එක නොවරදවා එවල තිවුන එදා හවස් වෙන්න කලින්. වූලිං බිංගෝ කා එක දැනටමත් රට වටේ පදින නෝනලා මහත්තුරු හතළිහක් පණහක් ඉන්න වට්සැප් ගෘප් එකකටත් මාව ජොයින් කර ගන්න කියල යෝජනා කරල තිවුනා. ඔබතුමාට බොහොම ස්තුතියි. Also, thank you Admin!

ගෘප් එකේ නම: Wuling Binguo SL - Verified Users.

එක අතකින් මීයා මට කළේ හොඳක්. බිංගෝ ව ගැන අළුත් විස්තර ටිකක් හොයා ගන්න පුළුවන් අළුත් යාළුවො ටිකක් සෙට් වුනා නේ. ඒකත් මදෑ.

ඉංජිනේරු මහත්තයාගෙ කතාව ඉවර නැහැ තාම. "... අපි මිස්ට වාහනේට රැට් ගාඩ් දාමු. ඇත්තම කතාව මීයට ලොකු හානියක් කරන්න වෙලා නැහැ ඔයාගේ වාහනේට. හරියට වැඩේට බැස්ස නම් ඇතුලේ සර්කිට් ඔක්කොමත් ඉවර කරල තමා සතා පස්ස බලන්නෙ"

සතා කියන්නෙ ඉතිං අමු සතා. ශික්. ඊළඟ සැරේ නම් මං ඔළුව උස්සනව බොරු. මං එක පයින් එකඟ වුනා වැඩේට.

මෙන්න මේ වූල් වූල් වගේ වයර් එක නිතරම මීයෝ කපනවලු. මතක ඇතිව ගම්මිරිස් කුඩු පොඩ්ඩක් ඉහින්න මේකට වටේ පිටේ ගොඩක් මීයෝ ඉන්නවනම්

කපපු වයර් අළුතෙන් දාලා රැට් ගාඩ් දානකම් මං ඌබර් දාගෙන වැඩට ගියා. ස්ප්‍රේ ගහනවට අමතරව තව මීයෝ එළවන සවුන්ඩ් මැෂින් එහෙම තිවුණා ඉන්ටනෙට් එකේ. මං කතා කරපු කිසි කෙනෙක් ඒවා ගැන නම් ලොකු පැහැදීමකින් කතා කළේ නැහැ.

මං හිතා ගත්ත මං මොකක් හරි ක්‍රමයක් හොයා ගන්නවා කියල මගේ බිංගෝ ව මී පරයින්ගෙන් බේර ගන්න. ඇත්තමයි හිතුනොත් මං වාහනේ ගාව බිත්තියකට හේත්තු වෙලා එළි වෙනකං හරි බලං ඉඳල මරාගෙන මැරෙනවා යකෝ තොපිව.

ඔන්න ආවා ඔළුවට අදහසක්.

මීයා හොයාගෙන එනව කිව්ව නේද බ්‍රෑන්ඩ් නිව් වාහනේ අළුත් සුවඳ. හාකො. හාකො. මං ලැහැස්ති කොරඥ්ඥම්කො සුදු ඔයාට ඔයා කැමතිම සුවඳ. වල් ජඩය.

මං වැඩ කරන ඔෆිස් එකේ එදා ඉඳන් මීයොන්ගෙන් හරි කරදර. කේක් කෑල්ලක් මේසේ උඩ තියල විනාඩි දෙකට වොෂ් රූම් ගිහිං එන පරක්කුවට කේක් එකේ පැත්තක් කඩාගෙන කාල ගිහිල්ලත් ඉවරයි. හැබැයි මං මී කූඩුවක් අරං ගිහිං මීයෝ තුන් හතර දෙනෙක් ඇල්ලුවයින් පස්සේ කරදරේ අඩු වුනා. මී කූඩුව කාලෙකින් පාවිච්චි කරන්න වුනේ නැහැ. මතක විදියට අන්තිමට මං ඒක දැක්කේ මගේ ඇඳ යට තියෙනවා වගේ.

හ්ම්. බඩු තාම වෙඩි වගේ වැඩ. බිංගෝ ව යට තියල බැහැ මේක. කූඩුවේ දොර වැහෙන කොට උඩට විසිවෙලා දිග ඇරෙන හැන්ඩ්ල් එක බිංගෝ වේ අන්ඩර් සයිඩ් වදිනවා. දොර හරියට වැහිල ලොක් වෙන්නේ නැහැ. වේලිච්ච හාල් මැස්සෙක් රබර් බෑන්ඩ් එකකින් ගැට ගහල කූඩුව ඇටෙව්ව මං ටයර් එක ගාවම බිම. කූඩුව ට ලේස් පටියක් දාල බැන්ද ඒකෙ එක කෙළවරක් ගඩොල් බාගෙක. මීයා ෂුවර් නැහැ. කූඩුවට අහුවෙලත් කූඩුව ඇද ගෙන යන ජාතියේ දසයෝ නේ.

බොනට් උස්සල එංජින් රූම් ඇතුලේ විනාඩි දෙකක් විතර හොඳට ගැස්සුවා ගම්මිරිස් භාජනනේ කුඩු පොඩ්ඩක්වත් හැලෙන්න නැතිව වාෂ්පේ විතරක් පැතිරෙන්න. ඒසී බටේක එල්ලුවා ගම්මිරිස් භාජනේ.

💡
මේ ඔයා කල්පනාවෙන් ඉන්න. අමතක වෙලා ගම්මිරිස් එල්ලං රට වටේ යාවි. ප්ලාස්ටික් උණු වෙයි ඇතුලේ. පිස්සුනම් නටන්න එපා ඔන්න මං ලියන ඒවා බාගෙට කියවල.

ගම්මිරිස් ගැන නම් මට කිව්වේ වයිෆ්.

"ඔයා ඔය කඩවල් වලින් මොකුත් සල්ලිවලට ලොකුවට ගන්න යන්න ඕනේ නැහැ. අම්ම මට ගමේ ගිය වෙලේ දුන්න ගෙදර හදපු ඔරිජිනල් ගම්මිරිස් කුඩු වගයක්. ඉහල බලන්නකො. මීයා එන්නේ නැහැ පැත්ත පළාතේ"

සුවඳ නේද බොට ඕනේ. ගම්මිරිස් අප්සෙට් වගේ නේද. අර හාල් මැස්ස නේද ෂෝයි. එතෙන්ට යමුද අපි. බ්‍රෑන්ඩ් නිව් වාහන වල වයර් වලට වඩා ඒක කොච්චර ෆන් ද නේද මචං.

යං යං.

මීයෝ දෙන්නෙක් අහුවුනා සති දෙකට. බීච් එකට ඇරලුවා ඔෆිස් ගිහිං එන අතරේ. බීච් එක හොඳයි. කෑම තියෙනවා. යාළුවො ඉන්නවා. සතුටෙන් ඉඳි.

වැදගත්ම දේ මීයට වයර් වලට වඩා හාල් මැස්ස වැදගත් වුනු එකයි. ගම්මිරිස් නිසා වාහනේ පැත්තට යන එන එක අඩු වුනු එකයි. තැන්ක්ස් වයිෆ්.

වූලිං කම්පැනි එක ඊළඟ වාහනේ ඩිසයින් කරනකොට එන්ජින් රූම් එකේ rodent detection system එකක් install කළානම් හොඳයි නේද. හොරෙක් හතුරෙක් අපි නැති වෙලේ ගෙදෙට්ට පැන්නම අර motion detector ඔන් වෙලා alarm වදින්නෙ. අන්න ඒ වගේ එකක්.

වූලිං නෙවේ. ඕනෙම කා කම්පනි එකකට වටිනවා නේ. දැන් මං වුනත්, මීයෝ කා එක ඇතුළට පුරුදු වෙලා කියල දැනගත්තේ අහම්බෙන් නේද. නිකං සැකේට හොයල බලපු හින්ද නේ මේ ගානින් වත් බේරුනේ. වයර් එක කපලත් කිසිම විදියක වෝනින් එකක් ආවෙත් නැහැනේ.

අපේ ඉංජිනේරු මහත්තුරු එකතු වෙලා හදන්නකො හොඳ බ්ලූ ප්‍රින්ට් එකක්. මාත් අදහස් දෙන්නම්. සොෆ්ට් වෙයා දාල අලුත් විදිහට. ඇප් එකක් එක්ක. ඊට පස්සේ අපි ඒක යවමු වූලිං කම්පනි එකට. ඒගොල්ලෝ අහක දාන එකක් නැහැ අපිව.

ඇති වගේ නේද. ඔයාගේ කා එකට මීයොන් ගෙන් කරදරයක් නොවේවා කියල ප්‍රර්ථනා කරන ගමන් අදට නවතින්නම්. තව පෝස්ට් එකක් මේ ගමන්ම හදන්න ආසයි. බැහැනෙ. මහන්සි. බලමු අලුත් අවුරුද්දට කලින් එකක් ගොඩ දාගන්න. අපි ගියා ඔන්න. ඔයාට ආයුබොහෝවේවා.

Read more

🥵මේ ගිනි රස්නෙන් ගැළවෙන්න බිංගෝවෙ A/C එක සුපිරියටම     සෙට් කර ගමුද❄️

🥵මේ ගිනි රස්නෙන් ගැළවෙන්න බිංගෝවෙ A/C එක සුපිරියටම සෙට් කර ගමුද❄️

බක් මාසේ ග්‍රීස්මෙ ඔන්න ආයේ ඇවිත්. නිවාඩු දවසෙ උදෙත් නාල, දවලුත් නාල, හවසත් නාල, මහ රෑත් නාල, මාරුවෙන් මාරුවට කූල් තැඹිලි යි කූල් වතුරයි බී

By Chinthaka Nanayakkara
මේක තමා මැනුවල් කී එක. 12V බැටරි එක බැස්සොත් මේක අනිවා ඕනේ වෙනවා. ඩුප්ලිකේට් තව යතුරු දෙකක් කපාගෙන ඔෆිස් එකේ එකක් තියන්න. ළඟ එකක් තියාගන්න. ඔරිජිනල් ගෙදර තිබුනාවේ.

ජනවාරි 25 ඉඳන් පෙබරවාරි 7 වෙනකං දවස් දොළහක් බිංගෝව දිහා බැලුවේවත් නැහැ.ප්‍රතිඵල ලැබුණා. සනීපයි.

ජනවාරි 24 මගේ උපන්දිනේට කලින් දවස. වයිෆ්ට ඕනේ වුනේ ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් කුඹුක ළමා නිවාසෙට කෑම වේලක් දෙන්න. දින වෙන්

By Chinthaka Nanayakkara
බිංගෝ ව මුලින්ම චාර්ජ් කරද්දි වෙච්ච ඇබැද්දි

බිංගෝ ව මුලින්ම චාර්ජ් කරද්දි වෙච්ච ඇබැද්දි

ටෙම්පරි නම්බර් ප්ලේට් ගහල, ස්ටිකර් ගාඩ් දාල ඉවරයි. මගේ දැන් සූදානම හොඳ නැකතකට පන්සල් ගිහින් වතාවත් කරල භාරහාර වෙලා ගමේ ගිහින් මගේ අම්මවයි තාත්තවයි

By Chinthaka Nanayakkara
බිංගෝ කා එකේ පරිස්සමට ප්ලාස්ටික් ස්ටිකර් කවර ඇලෙව්වා

බිංගෝ කා එකේ පරිස්සමට ප්ලාස්ටික් ස්ටිකර් කවර ඇලෙව්වා

බිංගෝ එකේ වෙහිකල් නම්බර් එක කා එකේ එල්ලගන්න කියල මට බ්‍රවුන්ස් එකෙන් ඒ-ෆෝ කොළ දෙකක් ප්‍රින්ට් කරලා දීලා තිවුණත් මට ඕනේ වුනේ හොඳ ප්‍රොෆෙෂනල් විදි

By Chinthaka Nanayakkara